වසර කිහිපයක් පුරාවටම මෙරට සිදුකෙරෙන කඩොලාන ප්‍රතිෂ්ඨාපන මෙහෙවර එක්සත් ජාතීන්ගේ “වර්ල්ඩ් රෙස්ටෝරේෂන් ෆ්ලෑග්ශිප්” (World Restoration Flagship) වැඩසටහනක් හතෙන් එකක් ලෙස ඇගයීම් සම්මානයට පාත්රවී තිබේ.
2024 පෙබරවාරි 27දා කෙන්යාවේ නයිරෝබි නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී මෙම සම්මානය ශ්‍රී ලංකාවට පිරිනැමීමට නියමිතය.
ශ්‍රී ලංකාවට එම සම්මානය හිමිවීම සුවිශේෂී සංරක්ෂණ කඩයිමක් ලෙස හැදින්වේ.
2004 සුනාමි ඛේදවාචකයෙන් පසුව ශ්‍රී ලංකාව විසින් පුළුල් ලෙස කඩොලාන ශාක රෝපණය කිරීමට ආරම්භ කර තිබුණු නමුත්, එම පැළ වලින් දළ වශයෙන් ඉතිරි වී තිබුණේ සියයට තුනක් පමණක් බව පෙන්නුම් වීමෙන් කඩොලාන සිටුවීමේ සිට ඒවා පෝෂණය කිරීම දක්වා වූ ක්‍රියාවලියේ උපක්‍රම වෙනස් කිරීමට කටයුතු යෙදුනි.
2015 සිට ඇරඹුනු මෙම කඩොලාන ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ව්‍යාපෘතිය මගින්, ඕස්ට්‍රේලියානු හා බ්‍රිතාන්‍ය රජයන් ගේ සහයද ඇතිව මේ වන විට හෙක්ටයාර 500ක පමණ ප්‍රදේශයක කඩොලාන ශාක රෝපණය කිරීමට සමත් වී ඇත.
UN World Restoration Flagship වැඩසටහනක් ලෙස ඇගයීමට ලක්වීමත් සමග මෙම ව්‍යාපෘතියට
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තාක්ෂණික හා මූල්‍ය සහය හිමිවේ. එය, මෙම 2030දී කඩොලාන හෙක්ටයාර 10,000ක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට ඇති මෙම ව්‍යාපෘතියේ ඉලක්කය දක්වා යාමට ඉවහල් වනු ඇත. ඊට අමතරව මෙමගින් නිවාස 5,000කට ප්රතිලාභ ලබා දෙමින්, නව රැකියා 4,000කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කෙරේ.