පුවත්

මෙරට චීන තානාපති කාර්යාලයේ නව නාවික උපදේශක, නාවික හමුදාධිපතිව හමුවෙයි (ඡායා)

Published

on

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ජ්‍යේෂ්ඨ කපිතාන් – ජ’ං ජාඕපිං (ZHENG Zhaoping) මහතා, පසුගිය 10දා නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාව හමුවිය.

මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව නාවික උපදේශක අතර ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වුණු අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද, එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා රියර් අද්මිරාල් ජානක මාරඹේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු අරුණ වීරසිංහ සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ජ්‍යේෂ්ඨ කර්නල් ජොව් බෝ (Zhou Bo) ද සහභාගී විය.

Trending

Exit mobile version