පුවත්

මෙරට හීලෑ අලි බරවා රෝගයට ගොදුරු වීමේ අවදානමක්!

Published

on

මෙරට හීලෑ අලින් අතර බරවා රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා මේ බව පවසා ඇත්තේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගී වී සිටින අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම වෙනුවෙන් ඊයේ (27) පැවැත්වුණු විශේෂ පශු වෛද්‍ය සායනයක් අතරතුරදීය.

මෙම අවදානම හේතුවෙන් මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ වී සිටින අලි ඇතුන් විශේෂ පරීක්ෂණයකට ලක්කරන බවත් මහාචාර්ය දංගොල්ල මහතා පැවසීය.

එමෙන්ම ලංකාවේ හීලෑ අලී ඇතුන්ගෙන් 60% – 70%කගේ පමණ යම් අක්ෂි රෝගයක් බවද විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා මෙසේ පවසා ඇත.

“මෙදා සැරේ අපිට දැනිලා තියෙනවා කාලෙකට පස්සේ බරවා රෝගය අපි දැක්කා ආයම එනවා වගේ. බෙහෙත් කරන්න පුළුවන් බරවා රෝගයට. මඳුරුවාගෙන් යන නිසා ඒක පාලනය කරන්න තියෙන්නේ. නමුත් අලි වයසයි නම් ලෙඩ හැදෙන්න තියෙන අවකාශය වැඩියි. ඒක නිසා අපි දැක්කොත් බරවා රෝගය තියෙන අලියෙක් අපි බෙහෙත් කරනවාම තමා… අනිත් එක තමා මේ ලේවල පරපෝෂිතයෙක් ඉන්නවා මැලේරියාව වගේ මිනිස්සුන්ගේ ඉන්න. ඒක කවදාවත් දැකලා නෑ අලින්ගේ. මම දැන් දැකලා තියෙනවා. තව වෛද්‍යවරයෙකුත් දැකලා තියෙනවා. ඒ නිසා අපි ඒකත් පරීක්ෂා කරන්න බලන් ඉන්නවා… එතකොට අපේම වෛද්‍යවරයෙක් ජපානයේ ක්ෂය රෝගය ගැන ආචාර්ය උපාධියක් කරනවා. එයාට කියලා තියෙනවා ඇවිත් මේ අලි ටික චෙක් කරලා දෙන්න කියලා. අපිට ඉන්නෙත් 100යි. ඒකත් අඩු වෙන ගමන් ඉන්නේ. අපි දැනගත යුතුයි අපේ අලීන්ට මේක තියෙනවා ද නැද්ද කියලා.”

Trending

Exit mobile version