මෙවර මැයි රැළිය තීරණාත්මක බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අදට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේ දී පැවති අතර එහි පැමිණි ජනතාව අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.
“අපි හොරු කරලා මේ රටේ අනාගතය නැති කරන්න දෙස් විදෙස් බලවේග රාශියක් අද ඒකරාශිවෙලා ඉන්නවා.” යැයි ද මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කලේය.
ඔහු වැඩිදුරටත් පැවසූයේ,
“මේ මැයි රැලිය තීරණාත්මකයි. එළැඹෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට ගමන් කරන්නෙ කොයිබට ද කියන තීන්දුව අද පටන් අපි රටට ගෙනියන්න ඕනි.
දැන් බලන්න මොන දේශපාලන වේදිකාවෙත් කයිවාරු නායකයෝ පහර ගහන්නෙ අපිට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ මේ වේදිකාවේ ඉන්න නායකයො ඉලක්ක කරලා තමයි හැමෝම මඩ ගහන්නෙ. ඒ ඇයි ?
මේ කයිවාරු නායකයො දන්නවා තාමත් ජනතා බලය තියෙන්නෙ අපි ගාව කියලා. ඒ අයට ඕන කරලා තියෙන්නෙ පොහොට්ටුවේ හැටනව ලක්ෂෙ බෙදාගන්න. ඒ අය හැට නව ලක්ෂෙට අපහාස කරනගමන් අනෙක් පැත්තෙන් පොහොට්ටුවේ මිනිස්සු ටික ඔඩොක්කුවට වැටෙනකම් බලාගෙන ඉන්නවා.”