පුවත්

මේ වසරේ පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද

Published

on

නව වසර සදහා පාර්ලිමේන්තුව අද (05) පළමු වරට රැස්වීමට නියමිතව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

එහිදී පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ බදු පදනම මත ලබාදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදු කිරීමට නියමිතය.

මේ අතර වැඩිවන විදුලි ගාස්තු සහ ඉදිරි පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමුකිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා මාධ්‍යට පවසා තිබේ.

අද දිනයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව, රජයේ මුදල් පිළිබද කාරක සභාව සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිතවය.

Trending

Exit mobile version