Connect with us

පුවත්

මෛත්‍රීගේ ප්‍රකාශයට කාදිනල් හිමිගෙන් සැර පිළිතුරක්

Published

on

පාස්කු ප්‍රහාරයෙන් පසුව ලැබුණු මුදල් වියදම් වූ ආකාරය පිළිබඳ සියලු සංඛ්‍යා ලේඛන තමන් සතුව පවතින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, අදාළ මුදල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන්,

“සිරිසේන හිටපු ජනාධිපතිතුමා කියපු කතාව සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගතයි. වැරදියි. එතුමාට යුතුකමක් තියෙනවා එහෙම දෙයක් කියන්න කලින් අදාළ පාර්ශවයෙන් අහලා බලන්න මොකද්ද වුණේ කියලා.

පාස්කු ප්‍රහාරයෙන් පස්සේ, ජාත්‍යන්තර වශයෙන් සහ ශ්‍රී ලංකාවෙනුත් උදව් ඉල්ලුවා මේ ජනතාවගේ අවශ්‍යතා බලාගන්න. මේ ජනතාවගේ විවිධ අවශ්‍යතා තිබුණා. ඒ අයට වෛද්‍ය ප්‍රතිකාර, විශේෂඥ ප්‍රතිකාර ලබාගැනීම සඳහා පෞද්ගලික ආරෝග්‍යශාලාවලට යවලා ඒවාවල වියදම් දැරීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ අයගේ අනාථ වූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමේ වැඩසටහනක අවශ්‍යතාව තිබුණා.

එලෙස විවිධ කේෂ්ත්‍රවලින් ඒ අයට උදව් අවශ්‍ය වෙලා තිබුණා අපෙන් ඒ වෙලාවේ. අපි එකතු කරපු මුදල් රු මිලියන 500 ගණනක් මට හරියටම කියන්න බෑ මෙහෙම, දත්ත අපේ ළඟ තියෙනවා. ඕනෑම වේලාවක ඒවා පරීක්ෂා කරන්න පුළුවන්. විගණන වාර්තා සකස් කරලා අපි නඩත්තු කරනවා බැංකු ගිණුම්වලින්. ඒ වලින් රු මිලියන 500න් මිලියන 460ක් පමණ අපි මේ වෙනකොට බෙදලා තියෙනවා ඒ ජනතාව.

හරිම අවාසනාවන්තයි එවැනි කතාවක් කියන්න කලින් අඩුම තරමින් අහලා බැලුවා නම් කාගෙන් හරි එතුමාට තොරතුරු දැනගන්න පුළුවන්කම තිබුණා ඕනෑතරම්. එතුමා ආවේගශීලිව කරුණු විග්‍රහ කරන්නේ නැතුව හිතට එන පළියට කියාපු වචනයක් විදියට තමා මම ඒක දකින්නේ.”

සබැඳි පුවත්:
https://sinhala.srilankamirror.com/news/කාදිනල්-හිමිට-ලැබුන-මුදල/

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved