යාපනය තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය කාන්තා හා ළමා නිවාස දෙකක් වහාම ක්‍රියාත්මක වන ලෙස වසා දැමීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී.එම්.එස්. චාර්ල්ස් මහත්මිය ළමා ආරක්ෂණ අධිකාරිය වෙත උපදෙස් දී තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන ‘අභයම්‘ නැමති මහජන පැමිණිලි මධ්‍යස්ථානය වෙත මෙම කාන්තා සහ ළමා නිවාස දෙක සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත්ව තිබූ බවයි වාර්තා වේ.
ඒ අනුව, සිදු කළ දීර්ඝ විමර්ශනයකට අනුව මෙම කාන්තා නිවාසය සහ ළමා නිවාසය මුද්‍රා තැබීමට උපදෙස් දුන් බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය දැනුම් දෙයි.
මෙම කාන්තා නිවාසයේ සහ ලියාපදිංචි නොකළ ළමා නිවාසයක් තුළ අනිසි ලෙස සවි කරණ ලද ආරක්ෂිත කැමරා පද්ධතියක් මඟින් එහි භාරකරුවන් විසින් නිවාස දෙකේම නාන කාමරවල නිරුවත් දර්ශන නැරඹූ බවට මීට පෙරද පැමිණිලි ඉදිරිපත් වූ බවද සඳහන්ය.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස පත් කළ කමිටු වාර්තාවේ සදහන් වී ඇත්තේ පැමිණිල්ලේ සඳහන් කරුණු සියල්ලම සත්‍ය බව තහවුරු වී ඇති බවද වාර්තා වේ.