පුවත්

යුක්‍රේනය යළිත් විදුලිය අපනයනය කරන්න යයි

Published

on

සය මසකට පමණ පසු යළිත් විදුලිය අපනයනය කිරීමට යුක්‍රේනයට හැකියාව ලැබී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ බලශක්ති සැපයුම බිඳවැටුණු අතර යුක්‍රේනයේ නගර රැසක විදුලි විසන්ධි වීම් ද සිදුව තිබුණි.

කෙසේවෙතත් යළිත් වරක් එරට විදුලි අතිරිත්තයක් පවතින බැවින් එය අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව යුක්‍රේනයේ බලශක්ති අමාත්‍ය හර්මන් හලුෂ්චෙන්කෝ ප්‍රකාශ කර ඇත.

විද්‍යුත් උත්පාදන පද්ධතිය විසින් මාස දෙකකට ආසන්න කාලයක් පුරාවට අමතර ධාරිතාවක් නිපදවා ඇති බවත් යුක්‍රෙන් ජාතිකයන්ට සීමාවන් පණවා නැති බවත් ඔහු පැවසීය.

හානියට පත් බලශක්ති යටිතල පහසුකම් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා විදුලිය අපනයනය කිරීමෙන් ලැබෙන මුදල් යොදා ගතහැකි බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Trending

Exit mobile version