පුවත්

යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයින් යවන ජාවාරමක්

Published

on

ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයින්ට ඉහළ වැටුප් හා වරප්‍රසාද හිමිවන බව පවසමින් නොමග යවා රුසියා යුක්‍රේන යුද්ධයේ පෙරපෙළ සටන් සඳහා යෙදවීමේ ජාවාරමේ තොරතුරු හෙළිවී තිබේ

ත්‍රිවිධ හමුදාවේ  සේවය කර විශ්‍රාමලත් පුද්ගලයින්ට රුසියා හා යුක්‍රේන හමුදාවන්ට අනුයුක්තව කටයුතු කිරීමට අස්ථාව සලසා දෙන බවත් එම රටවල පුරවැසිභාවය ඇතුලු වරප්‍රසාද රැසක් ලබාදෙන බවත් පවසමින් මෙම මිනිස් ජාවාරම ක්‍රියාත්මක වන බවයි හෙළිවී ඇත.

යුද්ධ භූමියේදී බරපතල තුවාල ලබා ඉතාමත් අසරණව සහ කිසිදු හව්හරණක් නොමැතිව ඉන් සමහරක් එහිදී මිය යන බවටද තොරතුරු වාර්තා වී ඇත.

මේ අතර රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ ඒකාබද්ධව මෙම මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

එම ජාවාරමට හසුනොවන ලෙසත් මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන්නන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් නාවික හමුදා මුලස්ථානය දැනුවත් කරන ලෙස නාවික හමුදාව ඉල්ලා සිටී.

011 7192142 හෝ 011 7192250 යන දුරකතන අංකවලට එම තොරතුරු දැනුම් දිය හැකියි.

Trending

Exit mobile version