යුද අපරාධ සිදු කළ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 8000 කට ද එම සංවිධානයේ ආයුධ ප්‍රවාහන නෞකා ජාලයේ ප්‍රධානී රවි ශංකර් හෙවත් සංගිලිට ද කැනඩා රජය දේශපාලන රැකවරණ ලබාදී ඇති බව ඉරිදා දිවයින සඳහන් කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මහතා විසින් වාර්තා කර ඇති එම පුවතෙන් රවි ශංකර්ට වව්නියා මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති බවද පෙන්වා දී ඇත.
ඔහු කැනඩාවට පැනගොස් ඇත්තේ එසේ දඬුවම් නියමව සිටියදී බවද එහි වැඩිදුරටත් දැක්වේ.
ඒ බව කැනඩා මාධ්‍ය අනාවරණය කර තිබූ බවත්, එසේම යුද හමුදා නිලධාරීන් 21 දෙනකු ඝාතනය කර කැනඩාවට ගොස් සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දෙදෙනකුට ද කැනඩා රජය දේශපාලන රැකවරණ ලබාදී ඇතැයි වාර්තා කර ඇත.
කැනඩාවේ ස්ටුවට් බෙල් නමැති නැෂනල් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියා මේ බව අනාවරණය කර ඇතැයි ද එහි දැක්වේ.