පුවත්

රංගේ බණ්ඩාරගෙන්ගෙන් සඳුදා විශේෂ ප්‍රකාශයක්

Published

on

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය ගැන ලබන සඳුදා(03)විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

සියලු දෙනාගේ ප්‍රශ්න වලට එහිදී පිළිතුරු ලබා දෙන බව පැවසු රංගේ බණ්ඩාර මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී සඳුදා පෙරවරු 10ට එම විශේෂ ප්‍රකාශය සිදුකරන බව සඳහන් කලෙය.

තමා කළ ප්‍රකාශය ගැන විවිධ උදවිය විවිධ ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගෙන තිබෙන බව සඳහන් කළ රංගෙ බණ්ඩාර මහතා සිරිකොත මන්දිරය ඉදිරිපිටට පැමිණි අති විශාල හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් උද්ඝෝෂණයක්ද කළ බව ද පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් පාලිත රංගෙ බණ්ඩාර මහතා මේ බව සඳහන් කලේය

සබැඳි පුවත්:

Trending

Exit mobile version