පුවත්

“රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ට පමණයි”

Published

on

කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා ඇත්තේ, මෙරට සියලු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා සිය වෘත්තීයට අදාළ අංග සම්පූර්ණ නේවාසික හා කෙටි කාලීන පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධාන කිරීමට පියවර ගන්නා බවයි.

සියලු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් ඉල්ලීම් 11 ක් ඇතුළත් සංදේශයක් ඔවුන් අමාත්‍යවරයා වෙත භාර දී තිබෙන අතර, ඉන් කරුණු කිහිපයකටම එම අවස්ථාවේම විසදුම් ලබාදීමට අමාත්‍යවරයා විසින් පියවර ගන්නා ලදී.

නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ, ප්‍රාදේශිය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ යෝජනා ක්‍රමයක් යළි ඇති කිරීමට අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර ඒ සඳහා විදිමත් සැලැස්මක් සකස් කරන ලෙස ද නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැදුනුම්පත ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ට පමණක් නිකුත් කිරීමට මෙහිදී එකඟතාව පළ වී තිබෙන අතර, සියලු මාධ්‍යවේදීන් සඳහා වෘත්තීය උපකරණ මිලදී ගැනීම සඳහා අඩු පොලී ණය මුදලක් ලබාදීමේ හැකියාව සොයා බැලීම ඇතුළු ප්‍රාදේශීය මාධ්‍යවේදීන්‍ගේ ඉල්ලීම් රැසකට අමාත්‍යවරයා එකගතාව පළ කළ වාර්තා වේ.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටලුවලට දිය හැකි සියලු විසදුම් ලබාදීමට කැප වන බවයි. කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති නිශාන්ත ප්‍රියදර්ශන ඇතුළු එම සංගමයේ නියෝජිත කණ්ඩායමක් සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්විය.

Trending

Exit mobile version