රජයේ මුද්‍රණ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ, අතිකාල දීමනා ගෙවීමේ ගැටලුවක් මුල් කර ගනිමිනි.
රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය පවසන්නේ, ආරම්භ කළ වර්ජනය විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව සිදුකරන බවයි.
මේ හේතුවෙන් ඉදිරියේ දී රජයේ මුද්‍රණ කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල විය හැකි බව එම සංගමයේ ලේකම් අසංග සඳරුවන් මහතා සදහන් කළේය.