අයවැයෙන් “රට අනුරට” නොව රට අයි එම් එෆ් එකට ගිය වගනම් පෙනෙන්නට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.
අද ඉදිරිපත් කළ අයවැය කතාව සහ එදා ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාව සංසදනය කළ යුතු බවත්, මේ තුළ අඩංගු පොරොන්දු මේ අයවැයේ කොපමණ ක්‍රියාත්මක කර ඇත්ද කියා සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
මේ අයවැයට අනුව ප්‍රාථමික ශේෂය 2.5ක් නඩත්තු කළ යුතු බවත්, ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදනයේ වියදමක් ලෙස 13%ක් කළ යුතු බවත්, 2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ ඇති 13%ක සීමාව අයි එම් එෆ් න්‍යාය පත්‍රයක් බවත් බවත් ඔහු කීය.
ප්‍රාථමික ශේෂය 2.5ක් පවත්වාගෙන යාම අයි එම් එෆ් නිර්දේශයක් බවත්, පැහැදිලිවම ඉතාමත්ම සීමාසහිත සම්පත් ප්‍රමාණයක් ආයෝජනය වෙනුවෙන් වෙන් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විසදුම් නැති අයවැයක්
මේ අයවැය තුළ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය උගුලට, දුප්පත්කම තුරන් කරන්න විසදුම් නොවන බවත්, ඉහළ ආර්ථික වර්ධනයක් ව්‍යවසායකත්වය හරහා නඩත්තු කිරීමක් මේ තුළින් සිදුනොවන බවත් ඔහු කියා සිටියේය.
වැවිලි කර්මාත්නය කෘෂිකර්මාතය හා ධීවර ක්ෂේත්‍රයට අදාළව දුන් පොරොන්දු ඉටු කරන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඔහු මෙසේද කීය.