පුවත්

රත්රන් සබ්‍රිගේ කාරක සභා නියෝජනය අත්හිටුවයි

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ කාරක සභා නියෝජනය අත්හිටුවීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන ආ යෝජනාවකට මෙලෙස පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රුපියල් මිලියන 74 ක් වටිනා රන් කිලෝ 3.3ක ප්‍රමාණයක් සහ රුපියල් මිලියන 4.2ක් වටින ස්මාට් ජංගම දුරකථන 41 ක් නීතිවිරෝධීව රැගෙන ආ මන්ත්‍රීවරයාගෙන් රු. මිලියන 7.5 ක් පමණ දඩයක් අයකරගෙන ඇති බවත් රු. මිලියන 80 ක් වටිනා රන් තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ප්‍රංශ ජාතිකයෙකුගෙන් රු. මිලියන 70ක දඩයක් අය කරගෙන ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තවද මන්ත්‍රීවරයා‍ට මෙසේ ලිහිල් දඩයක් නියම කරේ කුමන හේතුවක් මතද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බවත් විපක්ෂනායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විසින් සිදු කර ඇති මෙම නීති විරෝධී විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත විමර්ශනයක් සිදුකිරීම සඳහාද යොමු කර ඇත.

සබැඳි පුවත්  :

“රත්රන් සබ්රි” සියලු පාර්ලිමේන්තු කමිටු වලින් ඉවත් කරන්න – සජිත්

“රත්රන් සබ්රි“ ගැන සුසිල් විමර්ශනයක් ඉල්ලයි

Trending

Exit mobile version