පුවත්

මන්ත්‍රී ගේ ගමන් මලු වලින් මිලියන් ගණනක රන් හා ස්මාර්ට්ෆෝන් (Update)

Published

on

නිතීවිරෝධි ලෙස රත්‍රන් රැගෙන ඒම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාගේ ගමන් මලු වලින් රු. මිලියන ගණනක් වටිනා රන් ආභරණ, රන් බිස්කට් හා ස්මාර්ට් ජංගම දුරකථනද සොයාගෙන තිබේ.

මෙලෙස හමුවූ රත්‍රන් කිලෝ 3යි ග්‍රෑම් 397ක් බරැති රන් ආභරණ හා රන් බිස්කට් වල වෙළඳපොල වටිනාකම  රු. මිලියන 74ක් පමණ බව වාර්තා වේ.

ඊට අමතරව, රු. මිලියන 4.2ක් වටිනා ස්මාර්ට් ජංගම දුරකථන 91ක්ද ඔහුගේ ගමන් මලු වලින් හමුවී ඇත.

බලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටියි.

(ඡායා : සන්ඩේ ටයිම්ස්)

————————————————-

(පෙර පුවත 2023 මැයි 23 ප.ව.05:07)

රන් සමග මන්ත්‍රී කටුනායකදී මාට්ටු

ප්‍රකාශ නොකළ රත්‍රං කිලෝග්‍රෑම් 3.5ක් සමඟ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අද (23) අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ රටක සිටි මෙරටට පැමිණි රහීම් මන්ත්‍රීවරයා, ප්‍රශ්‍ණ කිරීම් සඳහා රේගු බලධාරීන් විසින් රඳවාගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර, පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඉල්ලා සිටියේ මීට අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

Trending

Exit mobile version