ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීමේ අරමුණ ඇතිව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා කණ්ඩායම විසින් පවත්වනු ලබන පළමු ජන හමුව එළඹෙන 27 වැනිදා ජාඇල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
එම කණ්ඩායමේ නායක නිමල් ලංසා, මෙහෙයුම් ප්‍රධානී අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය නලින් ප්‍රනාන්දු, ප්‍රියංකර ජයරත්න ඇතුළු මැති ඇමැතිවරුන් රාශියක් සහභාගි වීමට නියමිතව තිබේ.
මෙම කණ්ඩායම විසින් පිහිටුවන නව සන්ධානයේ වැඩ කටයුතු ද එදින ආරම්භ කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ.
සබැඳි පුවත් :
ලංසා නායකත්වය දෙන මංගල රැලිය ජාඇල
බලය බෙදන්න කැමති ලිබරල් පක්ෂය ලන්සා අතට ගනියි