පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා නායකත්වය දෙන ආණ්ඩුවේ විකල්ප මන්ත්‍රී කණ්ඩායමේ මුල්ම රැස්වීම ලබන සැප්තැම්බර් මාසයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල නගරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ආණ්ඩුවේ විකල්ප බලවේගය ලෙස පවසමින් මෙම රැලිමාලාව පැවැත්වීමට නියමිත බවද පැවසේ.
මේ අනුව පාර්ලිමේන්තු ආසන 160ම නියෝජනය වන ලෙස රැස්වීම් 160ක් පැවැත්වීමට යන බවද පැවසේ.