එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන උගුලට හසුනොවන ලෙස සමගි ජන බලවේගයේ නායකත්වයට බලකරමින් පෙබරවාරි 08 දා පෙරවරුවේ එම පක්ෂයේ මුලස්ථාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතවීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.
එම විරෝධතාවය සුජීව සේනසිංහ, ප්‍රසාද් සිරිවර්ධන යන මන්ත්‍රීවරුන් දෙදෙනා සහ චරිත් අබේසිංහ විසින් සංවිධානය කරන ලද්දක් බවට වාර්තා පැතිර තිබේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා පසුපෙළ මන්ත්‍රීවරුන් විරුද්ධ බවට පැතිරෙන කථා අසත්‍ය බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටී.
එම සාකච්ඡා සාර්ථක කර ගැනීම වෙනුවෙන් සමගි ජනබලවේගයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ පූර්ණ සහයෝගය හිමිව ඇති බවත් මහලේකම්වරයා පවසයි.
පක්ෂ දෙකේම ඉතා සුලු පිරිසක් පමණක් ඔවුන්ගේ පටු වාසි තකා පක්ෂ දෙක ඒකාබද්ධ වීමට අකමැති බවත් එම පිරිසේ විරෝධය නොතකා රට වෙනුවෙන් පක්ෂ දෙක ඒකාබද්ධ වීම සිදුවන බවත් ඔහු කීවේය.
මූලාශ්‍රය – theleader.lk