හිටපු ජනාධිපතිවරුන් හට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.
හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂකයන් ගමන් ගන්නා ආරක්ෂක රථ (backup vehicle) තුනක් නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දී ඇති බවට පලව ඇති මාධ්‍ය වාර්තා වලට ප්‍රතිචාර දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කර ඇත.
දැනුම් දී ඇත්තේ හිටපු ජනපතිවරුන් වන රනිල් හා මහින්ද ඔවුන් සතුව තිබෙන අතිරික්ත වාහන බාරදෙන ලෙස යැයිද ඔහු සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ වාහන 16න් වාහන 08ක් දැනට භාරදී ඇති බවත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ මේවන විටත් වාහන 11ක් පවතින බවත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ.
සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
සබැඳි පුවත් :
මහින්දගේ බැකප් රථ 3 ඉල්ලයි ; මේව කරන්නේ බුද්ධි අංශයෙන් අහලද සාගර විමසයි