පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
මද්දුම බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ සේනාරත්න මන්ත්‍රීවරයා ළඟදීම සජබෙන් නෙරපා හරින බවට පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනි.
“දැන් රාජිතව SJB එකේ තියාගෙන වැඩක් නැහැ,” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
සේනාරත්න මන්ත්‍රීවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත්තේ පක්ෂයට එරෙහිව කටයුතු කරන සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර පැය කිහිපයකට පසුවයි.
සමගි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂයේ සහයෝගීතාවයක් ඉල්ලා සිටින සෑම කෙනෙකුටම එරෙහිව පියවර ගන්නා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මීට පෙර ඉල්ලා තිබිණි.