ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
රමාල් සිරිවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත ලැබී ඇති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා සඳහන් කළේය.
රමාල් සිරිවර්ධන මහතා මින් පෙර 3 වරක් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරය දැරූ අයෙකි.
සිව් වන වරට 2024 ඔක්තෝබර් මාසයේදී ඔහු ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේය.