සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා අද (23) පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කර ඇත.
ඒ පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලන්සාට පහරදීමට උත්සහ කිරීම හේතුවෙනි.
අද පාර්ලිමේන්තුවේ පළාත් පාලන මැතිවරණය පිළිබඳ පැවති සංවාදයක් අතරතුරදී චමින්ද විජේසිරි විසින් නිමල් ලන්සා මන්ත්රීවරයාට පහරදීමට උත්සහ කර ඇත.