පුවත්

ලබන මස සිට ජල බිල්පතේ වෙනසක්

Published

on


ලබන මස 01දා සිට ප්‍රදේශ කිහිපයකට අදාලව ජල බිල්පත් ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට නිකුත් කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන ඇත.

මෙම ක්‍රමවේදය තෝරා ගත් ප්‍රදේශ 4ක ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එම ප්‍රදේශ වන්නේ කොළඹ දකුණ, මහනුවර දකුණ, පොළොන්නරුව, ත්‍රිකුණාමලයයි.

එමෙන්ම මේ වනවිට නව සම්බන්ධතා 344,697කට අදාළව දුරකතන අංක 326,124ක් ලියාපදිංචි වී ඇත.

ලබන වසරේ (2023) ජනවාරි මාසයේ සිට මෙම ක්‍රමවේදය ලංකාවේ සෑම ප්‍රාදේශයකම ක්‍රියාත්මක කිරීමට යෝජිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි.

Trending

Exit mobile version