පුවත්

ලාභ ලැබූ මිල්කෝ පොහොට්ටු රේණුක ඇවිත් ණය කරලා

Published

on

ලාභ ලබමින් පැවති මිල්කෝ සමාගම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලන ලේකම් හා වත්මන් සභාපති රේණුක පෙරේරා මහතා යටතේ පාඩු ලබන සමාගමක් බවට පත්වී ඇති බව මිල්කෝ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

එහි සභාපති සුමිත් අත්තනායක මහතා සඳහන් කළේ  2019, 2020 සහ 2021 වසරවල ලාභ ලැබූ එම ආයතනය මේ වනවිට ණය මත ක්‍රියාත්මක වන තත්ත්වයකට පත්වී ඇති බවය.

මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ඉවත් කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙස කටයුතු කළ රේණුක පෙරේරා මහතා එම තනතුරට පත්කෙරුණේ පසුගිය ජනවාරි මාසයේදීය.

ඉකුත් ඔක්තෝබර් මාසයේදී මිල්කෝ සභාපති රේණුක පෙරේරා මහතාව අදාළ සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සේවකයන් පිරිසක් විසින් සරකර තබාගෙන සිටි අතර පසුව සභාපතිවරයාව පිටතට ගනු ලැබුවේ පොලීසියේ මැදිහත්වීමෙනි.

සබැඳි පුවත්

පොහොට්ටු ලේකම් රේණුකව සිරකරගත් මිල්කෝ සේවකයෝ 13ක් අත්අඩංගුවට 

Trending

Exit mobile version