පුවත්

ලුණුගලගම රක්ෂිතයේ ගින්නක්

Published

on

ලුණුගලගම කන්ද රක්ෂිතයේ හදිසි ගින්නක් ඇති වී තිබේ.

ලුණුගල පොලීසිය පවසන්නේ, ඇති වූ ගින්නෙන් අක්කර 30ක පමණ භූමි ප්‍රමාණයක් මුලු මනින්ම විනාශ වී ගොස් අධි බලැති වෝල්ට් 33000ක විදුලි කණු දෙකක් පිළිස්සී විනාශ වී ඇති බවය.

ඒ හේතුවෙන් ලුණුගලගම ගම්මානය අවට ප්‍රදේශයේ විදුලි බලය ඇණ හිට ඇති බවද පොලිසිය පවසයි.

ගින්නට හසු වී අධිබලැති වෝල්ට් 33000ක විදුලි රැහන් පද්ධතිය ඇද තිබූ ලී කනු දෙකක් මෙලෙස පිලිස්සී කැඩී ගොස් ඇති බවත් එම  විදුලි රැහැන් පද්ධතියටද අලාභහානි වී ඇති බව ලුණුගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත කුමාර චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

Trending

Exit mobile version