පුවත්

ලෙබනනයේ පේජර්වලින් පසුව වෝකි ටෝකිත් පුපුරයි!

Published

on

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑම හේතුවෙන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්ව, 450 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

‘වෝකි-ටෝකි’ පුපුරා යෑමට පටන් ගත්තේ, හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට භාවිත කරන ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් පැය කීපයකට පසුවය.

එම ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

කුඩා දරුවන් දෙදෙනකු ද ඒ අතර සිටින බව වාර්තා වේ. 

‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් තුවාල ලැබූ ගණන 3,000 ක් බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය කියයි.

Trending

Exit mobile version