ලොව පළමු වරට කෘත්‍රිම මානව කලලයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන් සමත් වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම කලලය නිර්මාණය කිරීමට හැකිව ඇත්තේ ඩිම්බ සෛල සහ ශුක්‍රාණු සෛල නොමැතිවයි.
මෙම පර්යේෂණ සිදුකර ඇත්තේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සහ කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ මහාචාර්ය Magdalena Zernicka-Goetz ගේ රසායනාගාරවලය.
ප්‍රාථමික මට්ටමේ පවතින මේ කෘත්‍රිම කලලය අධ්‍යයනය කිරීමෙන් ජානමය රෝග සහ ගබ්සා වීම්වලට හේතු සොයා ගැනීමට හැකි වනු ඇතැයි විද්‍යාඥයන් පවසයි.
කෙසේවෙතත්, මෙම ක්‍රියාවලිය නීත්‍යානුකූලව හා සදාචාරත්මකව සිදුකරන ආකාරය පිළිබඳවද දැඩි කතාබහක් ඇරඹී තිබේ.