අරක්කු සහ රාවලට වහ වැටී වතුකර ජනතාව ඡන්දය භාවිතා කරනවා යනුවෙන් මැතිවරණ නිරීක්ෂකයෙකු වන මංජුල ගජනායක මහතාගේ ප්‍රකාශයට තමන් මුළුමනින්ම විරෝධතාවය ප්‍රකාශ කරන බව දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක සහ කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වි.රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.
අද (23) නුවරඑලිය පක්ෂ කාර්යාලයේ මාධ්‍යය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිරියේ කඳුකර ජනතාව අවතක්සේරුවට ලක් කරමින් සිදු කරන මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් කණගාටුව වෙන බවය.
“කඳුකර ජනතාව කියලා කියන්නේ ගෞරවාන්විත විදිහට ජීවත්වන ජන කොට්ඨාසයක් , අපිට හැමදාම කියන්නේ සුළු ජාතියේ අය කියලා.
මැතිවරණ නිරීක්ෂකයෙකු වන මංජුල ගජනායක මහතා කියනවා වතුකරයේ ජනතාවගේ ජන්දය ලබා ගන්නා ප්‍රමිතියෙන් තොර රා ලබා දෙනවා කියලා, මත්පැන් පානය කරලා තමයි ජන්දය දාන්න එන්නේ කියලා,
වතු කම්කරුවන්ගේ ආදායම් තත්ත්වය අඩු නිසාත්, බොහෝ වතු කම්කරුවන් බහුල වශයෙන් මත්පැන් පානයට හුරු වි සිටින නිසාත් අරක්කු වලට ඔවුන් ජන්දය ලබාදෙනවා කියලා ඔහු කියනවා,
මේවා ඇත්තටම අමූලික බොරු චෝදනා, වතුකරයේ ජනතාව ඇත්තටම දැන් 80% පමණ බුද්ධිමත් ජනතාවක් ඉන්නේ.”