ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීම් සිදු කරන පුද්ගලයින්ට නොරැවටෙන ලෙසට පොලිසිය මහජනතාවට දැනුම් දී තිබේ.
දිවයිනේ විවිධ ප්‍රදේශ වල ලංගම ඩිපෝ 9කට පමණ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබා දී එම ඩිපෝවල කළමණාකාරවර, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් යම්කිසි ස්ථානයක හදිසි ආපදාවට ලක්ව සිටින බවට, සදහන් කරමින් ව්‍යජ දුරකථන ඇමතුම් ලැබීමේ සිද්ධි පසුගිය දින කිහිපය තුළ පොලිසිවලට වාර්තා වී තිබුණි.
අදාළ දුරකථන ඇමතුම් ලබා දෙන පුද්ගලයින් සදහන් කර තිබුණේ, ආපදාවට ලක්වූ වාහන අලුත්වැඩියා කරගැනීම සදහා රුපියල් 10,000ක් ජංගම දුරකතන හරහා එවන ලෙසය.
එමෙන්ම, ඊට දුරකථන අංකයක් ද ඇමතුම් ලබාදෙන පිරිස ලබාදී තිබුණි.
මෙවැනි ඇමතුම් ලබා දෙන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් බවටත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, මේ හේතුවෙන් එවැනි දුරකතන ඇමතුමක් ලැබුණහොත් එම ආපදාවට ලක් වූ බවට සඳහන් පුද්ගලයින් දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගෙන එහි සත්‍යභාවය තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙසය.