වායු රයිෆලයක් වැරදීමකින් ක්‍රියාත්මකවීමෙන් වෙඩි වැදුනු පස් හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කතරගම, දෙටගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
18 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු විසින් අනාරක්ෂිත ලෙස රැගෙන යමින් සිටි වායු රයිෆලයක් මෙලෙස වැරදීමකින් ක්‍රියාත්මක වී ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි වියේ පසුවන තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.