පුවත්

වැඩි කළ 1700 වැටුප ඉල්ලා වතුකම්කරුවන් උද්ඝෝෂණයක

Published

on

රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1700 දෛනික වැටුප කඩිනමින් ලබා දීමට වතු සමාගම් පියවර ගත යුතු බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු ගණනාවක වතු කම්කරුවන් උද්ඝෝෂණයක නිරත වී තිබේ.

අද (09)  උදෑසන එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට එක් රැස් වී ඔවුන් මෙලෙස උද්ඝෝෂණයක නිරත වී ඇත.

තේ වතුයායේ දෛනික වැඩ කටයුතු වලට වාර්තා කිරීමට පෙර උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් කියා සිටියේ රජයේ නිලධාරීන්ට සහ සේවකයන්ට රජය මඟින් වැටුප් වැඩි කළත් තමන්ට ලබාදුන් රු 1700 දෛනික වැටුප ලබාදීමට වතු සමාගම් විරෝධය පළ කරන බවය.

වතු සමාගම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගෙන ඇති අතුරු තහනම් නියෝගය ‍ඉවත් කිරීමට රජය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් කරුණු ඉදිරිපත් කර එම වැටුප ලබාදීමට කටයුතු කළ යුතු බව උද්ඝෝෂණයේ නිරත වතු කම්කරුවන් පවසනවා.

Trending

Exit mobile version