Connect with us

පුවත්

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන්ට වැඩ වරදී

Published

on

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් දෙදෙනෙකුට රුපියල් 1,020,000ක දඩයක් හා රුපියල් ලක්ෂයක දඩයක් පනවා තිබේ.

රුපියල් 1,020,000ක දඩය පනවා ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ වෙළෙඳෙකුට ය.

රුපියල් ලක්ෂයක දඩයක් පනවා ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳෙකුටය.

මේ අතර උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින් වැඩි මිලට බිත්තර අලෙවි කළ අනුරාධපුර නගරයේ වෙළෙඳුන් 4 දෙනෙකුට ද එක් අයෙකුට රුපියල් 100,000 බැගින් දඩ නියම කර තිබේ.

Continue Reading

පුවත්

වෙසක් කලාප නිසා අවහිර විය හැකි මාර්ග ගැන දැනුම්දෙයි

Published

on

By

වෙසක් කලාපයක් හේතුවෙන් අවහිර විය හැකි ප්‍රධාන මාර්ගයක් පිළිබඳව පොලීසියෙන් රියදුරන්ට දැනුම්දීමක් සිදුකරයි.

ඒ, කටුනායක නිට්ටඹුව ප්‍රධාන මාර්ගය වේයන්ගොඩ ප්‍රදේශයෙන්.

වේයන්ගොඩ පොලිස් වසමේ වෙසක් කලාප 04ක් සහ වෙසක් තොරණ 07ක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

පොලීසිය දැනුම්දෙන්නේ අද (23) සිට දින 07ක් එම වෙසක් කලාපය පැවැත්වෙන බවයි.

අදාල නිවේදනය පහතින් දැක්වේ.

Continue Reading

පුවත්

වෙසක් උත්සවයට සමගාමීව වෙසක් කලාප රැසක්

Published

on

By

මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් කලාප 420කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

දිවයින පුරා තොරණ 321කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති බවයි වාර්තා වේ.

සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටලග, පිටකොටුව, නවලෝක ආදී තොරණ මෙවර ද විචිත්‍රවත්ව ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇත.

වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 5,000කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

වෙසක් කලාප ආශ්‍රිතව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 18,000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවෙ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කලේය.

Continue Reading

පුවත්

වතු වැටුප 1700 ට ගැසට් වෙයි

Published

on

By

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කලේය.

ඒ අනුව වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා ඉහළ යන අතර ඵලදායීතාව මත පදනම්ව රුපියල් 350 ක් හිමිවේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved