සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් පිළිබදව නොපමාව 1977 ට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.
පාරිභෝගික අධිකාරිය මගින් සුදු හා රතු නාඩු සහල් කිලෝව රු. 220ක්ද කීරි සම්බා කිලෝව රු. 260ක්ද සම්බා කිලෝව රු. 230ක්ද රතු හා සුදු කැකුළු කිලෝව රු. 210ක්ද වශයෙන් පාලන මිලක් නියම කර තිබේ.
බොහෝ වෙළෙදුන් වැඩි මිලට සහල් අලෙවි කරන බවට පාරිභෝගිකයන්ගෙන් දිනපතා පැමිණිලි ලැබෙන බැවින් මෙම පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙදුන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බව එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසිය.
එලෙස පාලන මිලට වඩා වැඩි මුදලට සහල් අලෙවි කරන වෙළෙදුන්ට රුපියල් ලක්ෂයක අවම දඩයක් නියම කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩි දුරටත් පැවසීය.