ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද(14) නඩු පැවරීය.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සරත් ඒකනායක,අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනෙකු නම් කර ඇත.