විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී නොමැති බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටී.
අදාළ යෝජනා මැයි මස පළමු වැනිදා කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබූ නමුත් විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් මත එම කාලය හෙට (10) දින දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබේ.
ඒ අනුව හෙට දිනට පෙර එම යෝජනා ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී ඇත.
අදාළ යෝජනා ලැබීමෙන් පසු විදුලිබිල අඩු කිරීම සඳහා වන ක්‍රියාදාමය ආරම්භ කෙරෙන අතර විදුලිබිල අඩු කිරීමේ ප්‍රතිශතය ජූලි මාසයේ දී ප්‍රකාශ කළ හැකි බව මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේය.