විදෙස්ගත වන ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් මිනිස් ජාවාරම්කරුවන්ගෙන් හා මිනිස් වෙළෙඳාම්වලින් වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ ජෛවමිතික තොරතුරු (Bio Metrix) දත්ත පද්ධතියකට ඇතුළත් කිරීමට කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ.
කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
රැකියා සඳහා විදෙස්ගත වන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු දත්ත පද්ධතියට ඩිජිටල් වැඩපිළිවළක් යටතේ ගොනුවේ.
ඒ අනුව ඇස්, ඇඟිලි සලකුණු හා වෙනත් ශාරීරික ලක්ෂණ ඊට ඇතුළත් කිරීමට නියමිතය.
මීට අමතරව මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා පවතින නීති දැඩි කිරීමට ඇමැතිවරයාගේ උපදෙස් පරිදි විදෙස් සේවා නියුක්ති කාර්යාංශ පනතට නව සංශෝධන ද ඇතුළත් කිරීමටද නියමිතය.
විදේශ රැකියා දෙන බව පවසා විවිධ රටවලට ගෙන්වා ගැනීම්, මෙරට දී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියෙන් පරිබාහිර කිසිවකුටත් සිදු කළ නොහැකි අතර එය කළ හැක්කේ ලියාපදිංචි නියෝජිතායතනවලට පමණි.