පුවත්

විමල්ට පේන අනුර

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරයේදී ඇතිකරගත් ගිවිසුම් හේතුවෙන් අනාගතයේදී ලංකාව ඉන්දියාවේ රූකඩයක් බවට පත් වීමේ අනතුරක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

හිටපු අමාත්‍යවරයා අද (18) කොළඹදී මේ බව පවසා සිටියේය.

නව ලිබරල්වාදියකු වන රනිල් වික්‍රමසිංහ මහතා එම ක්‍රියා සිදු කළා නම් එය එතරම් ගණන් ගත යුතු සිද්ධියක් නොවන නමුත් ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන විශාල ලෙස කරුණු කී රෝහණ විජේවීර මහතා බිහි කළ ජනතා විමුක්ති පෙරමුණ සෙවණේ සිටින නායකයකු එසේ කිරීම පරාධීනත්වය පෙන්නුම් කිරීමක් බව වීරවංශ මහතා සඳහන් කලේය.

දේශපාලන සංස්කෘතික බලශක්ති සහ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව රඟපාන චරිතයක් බවට පත්කර ගැනීම ඉන්දියාවේ අපේක්ෂාව බවද ඔහු පැවසීය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නෙළීමට යෝජිත තෙල් නළය මෙරට බලශක්තිය සුරකින තෙල් නළයක් බවට පත් නොවන බව පැවසු ඒ මහතා එය බලශක්ති පරාධීනත්වයක් බවට පත්විය හැකි බවද සඳහන් කලේය.

Trending

Exit mobile version