පුවත්

විමල් ඇතුළු 06කට එරෙහි නඩුවකට දින නියම වෙයි

Published

on

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහි නඩුවක් ජුනි මස 23 වනදා කැඳවන ලෙස නියම කර තිබේ.

2016 වසරේ එවකට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා පැමිණි අවස්ථාවේ කොළඹ ජගත් සංවිධාන කාර්යාලය ඉදිරිපිට මංමාවත් අවහිර කරමින් උද්ඝෝෂණ කළ බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු 06 දෙනෙකුට චෝදනා එල්ල වී ඇත.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ අද (26) කැඳවන ලදී.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයේ පසුවන බැවින් වෙනත් දිනයක් ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩුව 23 වනදාට කල් තැබීම සිඩුවිය.

පියසිරි විජේනායක / මොහොමඩ් මුසම්මිල්/ රොජර් සෙනෙවිරත්න යන අය මෙහි සෙසු විත්තිකරුවන් අතර වේ.

Trending

Exit mobile version