පුවත්

විසඳුම් ඉල්ලා අදත් සෞඛ්‍ය සේවකයෝ පාරට

Published

on

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු රැසකට කඩිනම් විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සංවිධාන අද (22) දින සෞඛ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර ඇත.

වෘත්තීය සමිති රැසක් සිදුකරන මෙම විරෝධතාව නම් කර ඇත්තේ ජාතික සෞඛ්‍ය විරෝධතා දිනය ලෙසය.

අද දහවල් 12 සිට 01 දක්වා පැවැත්වෙන විරෝධතාවයට සෞඛ්‍ය වෘත්තීය සමිති සමඟ සිවිල් සංවිධාන හා ජනතාවද එක්වීමට නියමිතය.

තවද සෞඛ්‍ය වෘත්තිකයින් රට හැර යාමේ ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසද විරෝධතාවයේදී රජයට බල කරන බවට සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්. බී මැදිවත්ත මහතා ප්‍රකාශ කර ඇත.

Trending

Exit mobile version