පුවත්

වීසා අයැදුම් මධ්‍යස්ථානය වසා ඇතැයි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය කියයි

Published

on

ඊයේ (14) රාත්‍රීයේ වාර්තා වූ ආරක්ෂාවට අදාළ සිදුවීම හේතුවෙන් කොළඹ, IVS Pvt Ltd වීසා අයැදුම් මධ්‍යස්ථානය නැවත දැනුම් දෙන තෙක් වසා තැබෙනු ඇතැයි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

ඒ අනුව වීසා  සම්මුඛ සාකච්ඡා සඳහා මධ්‍යස්ථානය විසින් ලබා දී ඇති දින වෙනස් කර ගන්නා ලෙස සියලු අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය, හදිසි කොන්සියුලර්/වීසා ගැටළුවක් වේ නම් දුරකථනයෙන් ඔවුන් හා සම්බන්ධ වන ලෙස ද ඉල්ලා සිටියි.

Trending

Exit mobile version