Connect with us

පුවත්

වී ගොවීන්ට යූරියා 50kgක් රුපියල් 10,000කට

Published

on

ඇමරිකානු ඩොලර් මිලියන 110ක ලෝක බැංකු සහනදායී හදිසි ණය ප්‍රතිපාදන යටතේ යූරියා ටොන් 13,000ක පළමු තොගය කෘෂිකර්ම අමාත්‍යාංශයට අද (28) ලැබී තිබේ.

ඒ අනුව වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50ක මල්ලක් රුපියල් 10,000 කට ලබා දීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් සිදු කළ සාකච්ඡා කිහිපයක දී කෙරුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව, ගොවිතැන සහ ග්‍රාමීය ආදායම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම ලෝක බැංකු ණය ප්‍රතිපාදන ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය වැනි අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ ආධාරවලට අමතර සහායක් වශයෙන් හිමිව තිබේ.

ශ්‍රී ලංකාවට දළ වශයෙන් මහ කන්නයේ අස්වනු නෙළන සමයේ වී වගාව සඳහා යූරියා පොහොර ටොන් 150,000ක් පමණ අවශ්‍ය වන බවත්, එය සම්පූර්ණයෙන්ම සැපයීමට හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා තහවුරු කරයි.

මෙම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා කුඹුරු හිමියන්ට සෘජුවම බෙදා හරිනු ලැබෙන අතර අවම හෙක්ටයාර 2ක් දක්වා වී වගා කරන කුඹුරු හිමියන්ට තමන් වී සඳහා සකස් කර ඇති ප්‍රදේශය අනුව ස්ථාවර මලු ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකියාව ලැබේ.

සෑම ගොවියෙකුටම මිලදී ගත හැකි උපරිම පොහොර ප්‍රමාණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත කෘෂි පාරිසරික කලාපය අනුව වෙනස්කම් සහිතව තීරණය වේ.

මීට අමතරව බඩඉරිඟු ගොවීන්ගේ වගා බිම් හෙක්ටයාර් 60,000ක් සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 12,000ක් ලබාදීමට නියමිත අතර, එහි කිලෝ ග්‍රෑම් 50ක මිල රුපියල් 15,000කි.

විකුණුම් වෙළඳපොළ මිල ඉහළ යමින් පවතින වාතාවරණයක කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යූරියා මෙට්‍රික් ටොන් 12,500ක්, මෙට්‍රික් ටොන් 50,000ක් සහ මෙට්‍රික් ටොන් 45,000ක් සැපයීමේ ගිවිසුම් තුනකට අදියර තුනකදී අත්සන් තබා තිබේ.

තවත් යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් ලබා ගැනීම සඳහා වූ ගිවිසුමට ඉදිරියේ දී අත්සන් තැබීමට නියමිතය.

ඉන්දීය සහන ණය පදනම යටතේ මේ වන විටත් මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් ගොවීන් වෙත බෙදාහැරීම සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ලෝක බැංකුවේ සහාය ඇතිව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වරායේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල සිට ගොවීන් වෙත පොහොර බෙදා හැරීම නිරීක්ෂණය කිරීම සඳහා භූ-සක්‍රීය අධීක්ෂණ පද්ධතියක් (GEMS ) යෙදවීමට පියවර ගෙන තිබේ.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved