පුවත්

වෙහෙරගල හා ලුණුගම්වෙහෙර ජලාශ වාන් දොරටු විවෘත කෙරේ

Published

on

අධික වැසි සහිත කාලගුණයෙන් වෙහෙරගල ජලාශය සහ ලුණුගම්වෙහෙර ජලාශවල ජලධාරිතාව ඉහළ ගොස් ඇති හෙයින් එම ජලාශ දෙකෙහි පිට වාන් දොරටු විවෘත කළ බව වාර්තා වේ .

මේ හේතුවෙන් මැණික් ගඟ සහ කිරිඳි ඔය ජල මට්ටම ඉහළ යා හැකි බැවින් දිය නෑමෙන් සහ ජලාශ පරිහරණය කිරීමෙන් වළකින ලෙසත්, ඉවුරු ආශ්‍රිතව පදිංචි කරුවන් වෙතොත් ප්‍රවේශම් වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි .

වෙහෙරගල ජලාශයේ වාන් දොරටු හතරක් අඟල් තුන බැගින් විවෘත කොට ඇති අතර ඉන් තත්පරයකට ඝණ අඩි 500 ක් මැණික් ගඟට මුදාහැරෙන බව සඳහන්ය .

ලුණුගම්වෙහෙර ජලාශයේ පිට වාන් දොරටු හතරක් අඟල් අට බැගින්ද, දොරටු දෙකක් අඟල් හතර බැගින් ද අද (14) උදෑසන සිට විවෘත කර තිබෙන අතර , මින් තප්පරයකට ඝණ අඩි 3000 ක් පමණ කිරිඳිඔයට මුදා හැරෙන බව සඳහන් වේ .

Trending

Exit mobile version