Connect with us

පුවත්

ශ්‍රීලනිප යේ මධ්‍යම කාරක සභාව තීරණ 3ක් ගනියි

Published

on

හෙට (22) දිනයේ 2023 අයවැය දෙවනවර කියවීමේ දී එයට පක්ෂව ඡන්දය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයෙන් මහින්ද අමරවීර ඉවත් කර තිලංග සුමතිපාල මහතා පත්කිරීමට මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය වී ඇත.

තවද, හිටපු ජනාධිපතිනි – චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්ෂය හැර ගිය සියල්ලගේම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටද එහිදී තීරණය කර තිබේ.

පුවත්

අරගලයේ නඩු භාණ්ඩ වෙන්දේසියට අවසර

Published

on

By

ගාලුමුවදොර අරගල භූමියේ දී 2022 වසරේ මැයි 09 වැනිදා සිදුවූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නඩු භාණ්ඩ මාස දෙකක් ඇතුළත වෙන්දේසි කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අදාළ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ (22) කැඳවූ අවස්ථාවේදීය.

2022 වසරේ අප්‍රේල් 09 වැනිදා ගාලු මුවදොරදී ඇරඹි අරගලයෙන් මාසයකට පසු එනම් එම වසරේ මැයි 09 වැනිදා එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහාය පළ කළ පිරිසක් හා ගාලුමුවදොර අරගලකරුවන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

වාහන ගිනි තැබීම්, දේපළ හානි මෙන්ම දේශපාලනඥයින්ගේ නිවාස ගිනි තැබීම ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් ඉන් පසුව සිදුවූ අතර එම කාලසීමාවේදී පොලිස් භාරයට ගත් නඩු භාණ්ඩ රැසක් අධිකරණයේ තැන්පත් කර තිබුණි.

එම නඩු භාණ්ඩවලට අදාළ නඩුව ඊයේ (22 ) කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඉදිරියේ කැඳවනු ලැබුණි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එලෙස අධිකරණයේ පවතින අරගල භූමියේ තිබූ දේපළ මාස දෙකක් තුළ වෙන්දේසි කර එහි මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙසයි.

විනිසුරුවරයා මෙම තීන්දුව ලබාදුන්නේ පැදුරු, කොට්ට, ජෙනරේටර් ඇතුළු එම භාණ්ඩවලට අයිතිවාසිකම් කීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ නඩුවේ විමර්ශන අවසන් කර නීතිපති උපදෙස් සඳහා එම ගොනුව යොමු කර ඇති බවය.

මෙම සිද්ධියේදී සැකකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මේ වන විට අභාවප්‍රාප්ත වී ඇති බව එහිදී පොලිසිය අධිකරනය හමුවේ කියා සිටියේය.

අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු අනෙක් සැකකරුවන් 36 දෙනාගෙන් 30 දෙනෙකු ඊයේ විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

මෙම සිද්ධියට අදාළ නඩුව නැවත නොවැම්බර් මස 6 වෙනිදා කැඳවීමට නියමිතයි.

Continue Reading

පුවත්

ග්‍රෑන්ඩ් හයිට් හෝටලේ ඉතුරු ටික රජයේ මුදලින්

Published

on

By

කොළඹ හයට් හෝටල් ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යාමට සුදුසු ආයෝජකයෙක් නොලැබුණහොත්, ඊට රජය මැදිහත්ව ඉදිකිරීම් සිදුකරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

කොළඹ හයට් හෝටල් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 60ක් වියදම් කර ඇති අතර ඒ මෙරට ජනතාවගේ මුදල් බව පැවසිය යුතුයි. මෙම හයට් හෝටල් ව්‍යාපෘතියට අදාළව තවත් ඩොලර් මිලියන 35 ක ණයක් ගෙවීමට තිබෙනවා.කොළඹ නගරයේ තිබෙන ඉතා වටිනා ඉඩමක් මේ සඳහා යොදා ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යාමට සුදුසු ආයෝජකයෙක් නොලැබුණහොත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වියදම් කර ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් ඉදි කිරීම් කටයුතු අවසන් කිරීමට අප අදහස් කරනවා.ඒ වගේම ඉදිරි මාස කිහිපය තුළ විශාල විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇති බව අපේ විශ්වාසයි.”

Continue Reading

පුවත්

සුරා බදු දෙපාර්තමේන්තුවට ආදායම් පරිපාලන පද්ධතියක්

Published

on

By

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී  ඇත.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් උපයන දෙපාර්තමේන්තුවක් වුවද එහි ආදායම් පරිපාලන කාර්යයන් සඳහා උපකාර කර ගැනීමට දෙපාර්තමේන්තුව තුළ දැනට පවතින පැරණි පද්ධතීන් අකාර්යක්ෂම වීම, ඉන් සිදුවන ආදායම් කාන්දු වීමට හා අක්‍රමිකතා වැනි දුර්වලතා ඇතිවීමට හේතු වී ඇති අතර මහජනතාවට හා අදාළ වෙනත් පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමටද අපහසු වී ඇති බව සඳහන්ය.

එසේම අනෙකුත් ආයතන වල තොරතුරු තාක්ෂණ පද්ධතින් සමග ඒකාබද්ධ වී කටයුතු කිරීමේදී ගැටලුකාරී තත්ත්වයන්ද මතුව ඇති බවද පෙන්වා දී තිබේ.

ඒ අනුව, සියලුම දත්ත හුවමාරුව, අවදානම් කළමනාකරණය හා ආදායම් සැසඳුම යන මූලික කාර්යයන් ඉටුකර ගැනීම සඳහා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී තොරතුරු සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් හඳුන්වාදීම පිණිස මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved