හෙට (22) දිනයේ 2023 අයවැය දෙවනවර කියවීමේ දී එයට පක්ෂව ඡන්දය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයෙන් මහින්ද අමරවීර ඉවත් කර තිලංග සුමතිපාල මහතා පත්කිරීමට මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය වී ඇත.
තවද, හිටපු ජනාධිපතිනි – චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්ෂය හැර ගිය සියල්ලගේම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටද එහිදී තීරණය කර තිබේ.