පුවත්

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන්  යළිත්…

Published

on

2024 අප්‍රේල් මස 13 වැනිදා ඊශ්‍රායලයට ඉල්ල වූ ඉරාන මිසයිල් ප්‍රහාර හා ගුවන් සිමා වසාදැමීම හේතුවෙන් තාවකාලිකව අත්හිටවන ලද ගුවන් ගමන් යළිත් ආරම්භ කෙරේ.

ඒ අනුව ආකියා Arkia ගුවන් සමාගමේ ගුවන් යානයක්   අප්‍රේල්  මස  17 වැනිදා උදේ කොළඹ සිට ටෙල් අවිව් බලා පැමිණීමට නියමිතය.

AIR-INDIA  ගුවන්  yaaනාවන් ද නවදිල්ලි නුවර සිට  ටෙල් අවිව් දක්වා අප්‍රේල්  මස  18 වැනිදා  සිට යළිත් ආරම්භ වන අතර කොළඹ සිට නවදිල්ලිය හරහා ඊශ්‍රායලයට පැමිණෙන මගීන්ට එම යානා මගින් පැමිණීමට හැකියාව ලැබේ.

එයට අමතරව FLY DUBAI ගුවන් සේවය ද  ඊශ්‍රායලය  දක්වා ඩුබායි හා අබුඩාබි  සිට ගමන් ආරම්භ කරන බැවින් ශ්‍රී ලාංකිකයන්ට එම ගුවන් යානා මගින් ද  පැමිණීමට හැක. 

කෙසේ වෙතත් දැනට ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ලබාගෙන ඇති මගීන් ගුවන් තොටුපලට යාමට පෙර තම ප්‍රවේශ පත්‍රය නැවත සනාථ කර ගන්න මෙන් කාරුණිකව දැනුම් දැනුම් දෙන බව ද ඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

Trending

Exit mobile version