ලබන මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබේ.
එක්දින ජාත්‍යන්තර තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ජුනි 02දා පැවැත්වෙනු ඇත.
තවද, දෙවැනි තරගය ජුනි 04දා ද, තෙවැනි සහ අවසාන තරගය ජූනි 07දා ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම තරග තුනම හම්බන්තොට දී පැවැත්වීමට නියමිතය.
ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මැයි 29දා මෙරටට පැමිණෙනු ඇත.