කාන්තා යොවුන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තරගය ලකුණු 81කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 166කි.
එහිදී සංජනා කවින්දි ලකුණු 38ක් සහ මනුධි නානායක්කාර ලකුණු 37කක් ලබාගත්තාය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට පන්දුවාර 19.4ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 85ක් පමණි.
පන්දුයැවීමේදී චමෝදි ප්‍රබෝධා කඩුලු 03ක් දවාගැනීමටයි සමත් වූවාය.
මීට පෙර සත්කාරක මලයාසියාවට එරෙහිව පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල ජය ගන්නා ලදී.