5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කලේය.
විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පිටවී ඇති බව සිදු කළ පරීක්ෂණ වලදී හෙලි වූ බැවින් එම ප්‍රශ්න සඳහා නිදහස් ලකුණු ලබා දි උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව ඔහු පැවසීය.
දරුවන්ගේ මානසික තත්ත්වය සහ දරුවන් තත්ත්වන පීඩාව ගැන සලකා බලා මේ තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
(පෙර පුවත 2024 ඔක්තෝබර් 14, පෙ.ව.11:28)
ශිෂ්‍යත්ව විභාගය ගැන අවසන් තීරණය අද
මතභේදකාරී තත්වයකට මුහුණ දී ඇති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (14) දිනයේ දැනුම් දීමට නියමිතය.
ඒ අනුව අද උදෑසන විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට වාර්තා වේ.
කෙසේ වෙතත් ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වනු ඇති බව වාර්තා වේ
එහි ප්‍රශ්න තුනක් පමණක් පිටවී ඇති බවට සිදු කළ විමර්ශනවලදි තොරතුරු අනාවරණය වීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
මෙම තත්ත්වය තුළ දැනට අත්හිටුවා ඇති පිළිතුරු පත්‍ර පරීක්ෂා කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටද නියමිතය.
ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කමිටු කිහිපයක් පත් කළ අතර එම පරීක්ෂණ කණ්ඩායම්වල අවසන් තීරණය වී ඇත්තේ විභාගයට පෙර පිටවී ඇත්තේ ප්‍රශ්න 03ක් පමණක් බවය.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙනනම පරීක්ෂණයක් ආරම්භ කලේය.
එහෙත් දෙමව්පියන් පිරිසක් අවස්ථා කිහිපයක දී මාධ්‍ය හමු පවත්වමින් සහ උද්ඝෝෂණ පවත්වමින් සදහන් කළේ සම්පුර්ණ ප්‍රශ්න පත්‍රයම පිටවී ඇති බවය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එම දෙමව්පියන් සාකච්ඡා කළ අතර එහි ප්‍රථිපලයක් ලෙස පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අත්හිටුවනු ලැබුවේය.