පුවත්

සංජීවගේ ඝාතනයට සොයන සෙව්වන්දිගේ අම්මයි, මල්ලියි අත්අඩංගුවට

Published

on

සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න ‌හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනයට නීතිඥ වෙස්ගෙන ගිනි අවිය රැගෙන විත් මේවන විට අතුරුදන් කාන්තාවගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉෂාරා සෙව්ව්න්දි නැමැත්තියගේ මව සහ සහෝදරයායි.

වයස අවුරුදු 23 සහ 48 පසු වන ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

සබැඳි පුවත්

Trending

Exit mobile version